ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය

අතිගරු අඹගහවත්තේ සාසනවංස කවිධජ සිරි සද්ධම්මචරිය යති සංඝපති ඉන්දාසභවරඤාණසාමි මහානායක මාහිමියන්ගේ ආදි කර්‍තෘත්වයෙන් ශ්‍රී.බු.ව. 2406 වැන්නේ දී ලක්දිව ශාසනාභිවෘද්ධිය සඳහා පිහිටුවා වදාළ භික්‍ෂු වංශය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය යි. ශ්‍රී බු.ව. 2407 වැන්නෙහි ඇසළ මස අව තුදුස්වක හෙවත් රාජ්‍ය වර්ෂ ….

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාද පණිවිඩය

නූතන පරිගණක තාක්ෂණය ඉතාමත් ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගනිමින් සිටින වකවානුවක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නමින් වෙබ් අඩවියක් ආරම්භ කොට පවත්වාගෙන යාමට කටයුතු කරන බව අසා මම ඉමහත් සේ සතුටට පත් වීමි. අපේ නිකාය ආරම්භ කොට සිල්වත් මහ සඟ රුවනගෙන් යුත් සංඝ පරම්පරාවක් ඇති කිරීමට ජීවිත නිරපේක්ෂව කටයුතු කළ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අතිපූජ්‍ය වරාපිටියේ සුමිත්ත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ…..

කියවන්න…

රාමඤ්ඤ නිකාය ඉතිහාසය

බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාශය තත්වාකාරයෙන් දැන වදාළ මොග්ගලීපුත්තතිස්ස මහරහතුන් වහන්සේ වනාහි සම්බුද්ධ ශාසනය ලංකාද්වීපයෙහි විශේෂයෙන් මුල්බැස ගන්නා බව මනාව දැන තමන් වහන්සේගේ විශිෂ්ඨ ශිෂ්‍ය රත්නය වන මහා මහින්ද ප්‍රධාන සද්ධිවිහාරික පස්නමක් ලක්දිවට වැඩම කිරීමට විධාන කළහ…

කියවන්න…

2019 වර්ෂයේ සිට ත්‍රිපිටක විභාගයට අයදුම්කිරිමේ දී මෙම නව සංශෝධිත අයදුම්පත්‍රය පමණක් භාවිත කරන්න.

නිකාය මූලස්ථානය

දිවයින් පුරා විසිර පවතින රාමඤ්ඤ නිකායට අයත් විහාරස්ථාන සිය ගණනකගේ අදාළව පරිපාලන  කටයුතු මෙහෙයවනු ලබන්නේ කොළඹ නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය මහා සංඝ මූලස්ථානය මූලස්ථානයෙනි.මූලස්ථානයක් ඉදිකිරීම පිළිබඳ අදහසට දීර්ඝ ඉතිහාසයක් ඇත. නිකායේ ආරම්භක මධ්‍යස්ථානය ලෙස ගාල්ල වැලිවත්තේ විජයානන්ද පිරිවෙන් විහාරය සැලකුවද, මූල මහා විහාරය ලෙස සැලකෙන්නේ නිකායේ ආදී කර්තෘන් වහන්සේ වැඩසිටි කළුතර පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මහා විහාරය යි.

Read More

ත්‍රිපිටක ධර්මායතනය

ශ්‍රී ලාංකේය භික්ෂූන් වෙත ශුද්ධ මාගධී (පාළි) භාෂා ඤාණයද සමගින් ත්‍රිපිටක අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් පිහිටුවන ලද භික්ෂු පුහුණු ආයතනයක් වේ. පෙළ, අර්ථකථා, ටීකා ඇසුරෙන් පෞරාණික ආරාමික අධ්‍යයන ක්‍රමවේදය අනුව යමින් ත්‍රිපිටක බුද්ධවචනය ඉගැන්වීම කෙරෙන්නාවූද, මාගධී භාෂාව ඇතුළුව වෙනත් භාෂා ශාස්ත්‍රඥාණය ලබාදෙන්නා වූද, භික්ෂු ආකල්ප සංවර්ධනය, භික්ෂු විනයකර්ම ප්‍රායෝගික පුහුණුව සහ කලින් කළ පවත්වනු ලබන පරීක්ෂණයන්හි ප්‍රතිඵල අනුව පස් අවුරුදු අධ්‍යයන කාලසීමා…

Read More

සේයා රූ