නූතන පරිගණක තාක්ෂණය ඉතාමත් ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගනිමින් සිටින වකවානුවක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නමින් වෙබ් අඩවියක් ආරම්භ කොට පවත්වාගෙන යාමට කටයුතු කරන බව අසා මම ඉමහත් සේ සතුටට පත් වීමි. අපේ නිකාය ආරම්භ කොට සිල්වත් මහ සඟ රුවනගෙන් යුත් සංඝ පරම්පරාවක් ඇති කිරීමට ජීවිත නිරපේක්ෂව කටයුතු කළ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අතිපූජ්‍ය වරාපිටියේ සුමිත්ත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අතිපූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැනි උතුමන් වහන්සේලාගේ තොරතුරු ද ඇතුලත් කොට අනාගත ශාසන පරම්පරාවට නිකායේ ඉතිහාසය ඇතුළු තොරතුරු ද දැන ගැනීමට හැකිවන පරිදි එම වෙබ් අඩවියේ නිර්මාණය කිරීම, කරුණු ඒකරාශි කොට ගබඩා කිරීම ආදියට කැප වීමෙන් කටයුතු කරන සියලු දෙනා වෙත මාගේ කෘතඥතාවය පිරිනමන අතර අනෙකුත් සියලු දෙනා මේ සඳහා තමන් වෙත ඇති නිකායික හා ශාසනික වශයෙන් වන වැදගත් තොරතුරු ආදිය හැකි පමණ අදාළ සංවිධායකයින්ට ලබා දෙන්නට උත්සුක වන ලෙසත් සිහිපත් කරමින් සියලු දෙනාටම රත්නත්‍රයේ සරණ ලැබේවායි ආශිර්වාද කරමි.
මෙයට ශාසනස්ථිතිකාමී
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි අභිධාන
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මහා ස්ථවිර