සැරද යතිවර ගරු – රුවන්පල් හිමි මහැදුරු
මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අභිනව අධිකරණ නායක පදවි ප්‍රාප්ත ත්‍රිපිටක විශාරද, රජකීය පණ්ඩිත, මහාචාර්ය අතිපූජ්‍ය අත්තංගනේ රතනපාලාභිධාන මාහිමිපාණන් වහන්සේට අක්තපත්‍ර ප්‍රදානෝත්සවය වර්ෂ 2021 මාර්තු මස 12 වන සිකුරාදා සවස 4.00 ට ස්වර්ණමාලී මහාචෛත්‍යරාජයාණන් වහන්සේ අභියස දී පැවැත්වේ.
අභිනව අධිකරණ නායක මාහිමියන්ට සෙත්පතා සිදු කරන ආශිර්වාදාත්මක සම්බුද්ධ පූජාව එදින සවස මහ සෑ මළුවේ දී.