යතිවර ප්‍රණාම – අධිකරණ නාහිමි අක්තපත්‍ර ප්‍රදානෝත්සවය
මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අභිනව අධිකරණ නායක ධූරයෙන් පිදුම් ලද තඹුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානය, මකුලෑව පුරාණ විහාරය ආදි විහාර සංචිතයේ ගරු අනුශාසක ත්‍රිපිටක විශාරද, ත්‍රිපිටකධර මහාචාර්ය අතිපූජ්‍ය අත්තංගනේ රතනපාලාභිධාන මහාස්වාමීන්ද්‍රයන් වහන්සේට අක්තපත්‍ර ප්‍රදානෝත්සවය 2021 මාර්තු මස 12 වන සිකුරාදා අනුරාධපුර ස්වර්ණමාලි මහ සෑ මලුවේ දී මහදුත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. එහි දී අතිපූජ්‍ය අත්තංගනේ රතනපාලාභිධාන මාහිමියන් ප්‍රවචන විශාරද සිරිසද්ධම්මාචරිය ශාසන ශෝභන යන ගෞරව නාමය ද සහිතව මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 13 වන අධිකරණ නායක හිමිපාණන් ලෙස අක්තපත්‍රය හිටපු කතානායක කරූජයසූරිය මහතාගේ සුරතින් ලැබූ අතර ඒ සඳහා වන විජිනිපත අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රෙස්න මහතා අතින් ලැබූහ.
විශේෂ රිය පෙරහැරකින් ස්වර්ණමාලී මහ සෑ රදුන් අභියසට වැඩම කළ අභිනව අධිකරණ නායක හිමිපාණෝ දේශීය සාම්ප්‍රදායික කලාංගයන්ගෙන් ශෝභමාන වූ පෙරහැරෙන් ගෞරවයෙන් මණ්ඩපය වෙත වැඩම කරන ලද අතර මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් ඇතුළු ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් අනුනායක හිමිවරුන් ඇතුළු සුවිශාල සඟ පිරිසක් මධ්‍යයේ අභිනව අධිකරණ ධුරයේ අක්තපත්‍ර ලැබූහ.