පරියත්ති සංවද්ධන සභාව

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කතිකාවතේ අෂ්ටම පරිච්ඡේදයේ සංවද්ධන සභා ශීර්ෂය යටතේ පරියත්ති සංවද්ධන සභාව පිහිටුවා තිබේ. අතිපූජ්‍ය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකගේ සභාපතිත්වයෙන් පරියත්ති ලේඛකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා පරියත්ති නියෝජ්‍ය ලේඛකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ව කාරක සභා සාමාජිකයන් වහන්සේලා 12 නමක් ද, එක් එක් සංඝ සභාවකින් තෝරා ගන්නා සාමාජිකයන් වහන්සේලා 47 නමක් ද, නිකායාරක්ෂක සභාවේ සාමාජිකයෙක්ද ඇතුළත් වන සේ පත් කරගන්නා භික්ෂු අධ්‍යාපන මණ්ඩලය පරියත්ති සංවද්ධන සභා නාමයෙන් හදුන්වනු ලැබේ. සභාපති, ප්‍රධාන ලේකඛාධිකාරී, නියෝජ්‍ය ලේඛකාධිකාරී යන තුන් නම ද ඇතුළු ව 15 නමක් විධායක සභාව ලෙස මහා සභාවේ දී සම්මත කරගත යුතු යි. මෙම සංවද්ධන සභාව මගින් ත්‍රිපිටක ධර්මය පිළිබඳ විශාරද දැනුමක් ද, අත්‍යවශ්‍ය ධර්ම ශාස්ත්‍ර පිළිබඳ පරිණත අවබෝධයක් ද, විවිධ ආගම් හා දර්ශන පිළිබඳ තුලනාත්මක දැනීමක් ද, ලේඛනයෙහි හා දේශනයෙහි කුශලතා ද ඇති භික්ෂු පිරිසක් ඇති කිරීම ප්‍රධාන පරමාර්ථය යි. ඒ සඳහා වාර්ෂික ආගමෝපාධි පරීක්ෂාවන් පැවැත්වීම හා සහතික, උපාධි ප්‍රදානය ද කළ යුතු වේ. ධර්ම විනය සම්මන්ත්‍රණ පැවැත්වීම, සදාචාරය, මානව දයාව, ජාත්‍යාලය, ආගමික සද්ධාව ආදිය දියුණු කර ලීම පිණිස රචනා තරඟ, කථික තරඟ පැවැත්වීම ද මෙම සභාව මගින් කළ යුතු කාර්යයන් වේ. අතීත තොරතුරු පරියත්ති සංවද්ධන සභාව මුලින් ම පරියත්ති පාලක සභාව නමින් ආරම්භ වී ඇත්තේ 1946 පෙබරවාරි 23 වන දින අතිපූජ්‍ය කරතොට ඉන්දසාර තිස්සාභිධාන මහානායක මාහිමිපාණන්ගේ අනුමැතියෙන් පයාගල මුල මහා විහාරයේ දී ය. ආරම්භක සභාපති ධුරයට පත් වී ඇත්තේ එවකට අධිකරණ නායක ධූරය හෙබවූ අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත මුල්ලේගම සීලාලංකාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ප්‍රථම ලේඛකාධිකාරීන් වහන්සේලා වන්නේ පණ්ඩිත අතිපූජ්‍ය මාතර ශ්‍රී ධම්ම වංස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ විද්‍යා විශාරද පණ්ඩිත අතිපූජ්‍ය ඉදුරුවේ උත්තරානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ඊටපෙර 1924 සැප්තැම්බර් 15 දින නිර්දේශ පත්‍රයකින් ප්‍රසිද්ධ කරන ලද ත්‍රිපිටක ධර්ම අධ්‍යාපන විභාගයක් ද 1929 ජූනි 01 දින පර්යාප්ති ධර්ම විභාගයක් ද 1938 දී ත්‍රිපිටක විභාගයක් ද. පවත්වා ඇති නමුත් ඒවා තහවුරු වී නැත. ආරම්භක සම ලේඛකාධීකාරී ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් සකස් වූ ව්‍යවස්ථා ග්‍රන්ථ ලේඛන නිර්දේශ පත්‍ර වලට අනුකූල ව “පර්යාප්ති පරීක්ෂා” නමින් පාඨක්‍රම පුස්තකයක් සකස් වූ අතර එයට අනුව පවත්වන ලද “පර්යාප්ති පරීක්ෂා” නම් වූ ත්‍රිපිටක විභාගය ප්‍රථම වරට 1948 ජනවාරි 01 සිට 13 දක්වා කොළඹ වැල්ලවත්ත ශ්‍රි ධර්මෝදය පිරිවෙනේ දී පවත්වන ලදී. එතැන් සිට මෙම විභාගය විවිධ සංශෝධන යටතේ අඛණ්ඩ ව පැවැත්වෙන අතර මෙතෙක් ආගමෝපාධි පරීක්‍ෂා නමින් පවත්වාගෙන ආ මෙම ත්‍රිපිටක විභාගය 1985 සිට “ශ්‍රී ලංකා ත්‍රිපිටක විභාගය” යයි නම් කර ඇත. එතැන් සිට එය ගිහි පැවිදි කාහටත් පෙනී සිටිය හැකි පොදු ත්‍රිපිටක විභාගයක් බවට පත් කර ඇත. පරියත්ති පාලක සභාවේ සහ වත්මන් පරියත්ති සංවද්ධන සභාවේ සභාපති ධූරය හෙබවූ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා

  1. අතුරුගිරිය ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මුල්ලේගම සීලාලංකාර අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  2. බලගල්ල සරස්වතී පරිවේණාධිපති පණ්ඩිත අතිපූජ්‍ය හපුවලානේ ශ්‍රි ඥානාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  3. පේරාදෙණිය භාරතී පරිවේණාධිපති පණ්ඩිත අතිපූජ්‍ය වටිනාපහ ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  4. ගම්පොල ගංගාරාමාධිපති පණ්ඩිත අතිපූජ්‍ය තලාකඩ සරණංකර අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  5. කොළඹ, මට්ටක්කුලිය ශ්‍රි වික්‍රමාරාමාධිපති පණ්ඩිත අතිපූජ්‍ය මාතලේ සාසනතිලක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  6. පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පරිවේණාධිපති පණ්ඩිත අතිපූජ්‍ය සියඹලන්ගමුවේ ගුණරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  7. (නැවත 1989 දී) ගම්පොල ගංගාරාමාධිපති පණ්ඩිත අතිපූජ්‍ය තලාකඩ සරණංකර අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  8. කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති මහාචාර්ය අතිපූජ්‍ය කබලෑවේ පියභාරතී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  9. බලංගොඩ වීරසුන්දරාරාමාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ පඤ්ඤාවංස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  10. පානදුර ගොරකපොල විද්‍යාරාජ පිරිවෙන් විහාරාධිපති අතිපූජ්‍ය දොරණෑගොඩ ඉන්දසේන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  11. මාවනැල්ල, දෙහිමඩුව වේරගල ශ්‍රී වර්ධනාරාමාධිපති මහාචාර්ය අතිපූජ්‍ය වරාගොඩ පේමරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (වර්තමාන)

ලේඛකාධිකාරී ධූරය හෙබවූ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා

  1. මාතර සිරිමංගල පරිවේනාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මාතර ධම්මවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ඉදුරුවේ උත්තරානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (සම ලේකම්වරු 1946-1951) ඩමෙයින් අතිපූජ්‍ය මාතර ධම්මවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1946 සැප්තැම්බර් 16 දින අපවත් වූ අතර පසු ව මහානායක ධූරය හෙබවූ අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1951 දක්වා ම මෙහි ලේකම් ධූරය හොබවා ඇත.
  2. කොළඹ, මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමාධිපති අතිපූජ්‍ය මාතලේ ශාසනතිලක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1951-52 කෙටි කලකට ලේඛකාධිකාරී ධූරය දරා ඇත.
  3. හිනිගම ජයසේකරාරාමාධිපති පූජ්‍යතර නාරනාපිටියේ සිරිවිමල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1952-1972)
  4. ගාල්ල, වැලි වත්ත විජයානන්ද පරිවේණාධිපති ත්‍රිපිටක විශාරද, පණ්ඩිත අතිපූජ්‍ය ගාල්ලේ ඤාණෝභාස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1972-1980)
  5. කුලියාපිටිය, වලකුඹුරුමුල්ල ශ්‍රී නන්දනාරාමාධිපති පූජ්‍යතර රකුපොල ආනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1980 – 1986)
  6. කොළඹ 10 වජිරාශ්‍රමාධිපති ශාස්ත්‍රාචාර්ය, පණ්ඩිත පජ්‍යතර කිරිවන්දෙනියේ වජිරවංස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1986-1995)
  7. දන්තුරේ සියඹලාගොඩ ප්‍රවචනෝදය පරිවේණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යතර දෙබත්ගම ගුණසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1995-1997)
  8. නිකවැරටිය, සමදරාපිටිය ශ්‍රි පාලිත පිරිවෙන් විහාරාධිපති පණ්ඩිත පූජ්‍යතර ගලපිටියාගම විමල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1997.12.27 – 2015.02.21)
  9. කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යතර පල්ලේකාගම රතනභාරතී ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ( 2015. 02.21 දින සිට වර්තමානය දක්වා)

නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරය හෙබවූ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා

  1. දන්තුරේ, සියඹලාගොඩ ප්‍රවචනෝදය පරිවේණාධිපති පණ්ඩිත පූජ්‍යතර දෙබත්ගම ගුණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1986-1995) (ප්‍රථම උප ලේකම් – මෙම තනතුරු 1986 න් පසු ආරම්භ විය. උන් වහන්සේ පසු ව ලේඛකාධිකාරී ධූරයට පත් වූහ.)
  2. නිකවැරටිය සමදරාපිටිය ශ්‍රි පාලිත පිරිවෙන් විහාරාධිපති පණ්ඩිත පූජ්‍යතර ගලපිටියාගම විමලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1995-1997) උන් වහන්සේ 1997 දී ලේඛකාධිකාරී ධූරයට පත්වූහ.
  3. කොළඹ මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමාධිපති පූජ්‍යතර පණ්ඩිත මාතලේ ධම්ම කුසල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1997-2001)
  4. මීරිගම මිණීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද පූජ්‍යතර මකුලෑවේ විමල මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ (2001-2006)
  5. කුලියාපිටිය, දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් විහාරාධිපති ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති පූජ්‍යතර අත්තංගනේ සාසන රතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (2006-2011 )
  6. කුලියාපිටිය, අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යතර පල්ලේකාගම රතනභාරතී මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (2012/05/31 දින සිට 2015.02.21 දක්වා) පසුව උන්වහන්සේ ලේඛකාධිකාරී ධූරයට පත් වූහ.
  7. කල්එලිය, හාපිටිගම, ජයසුමනාරාම මූලමහාවිහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යතර මක්කානිගොඩ අස්සජි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (2015.02.21 දින සිට මේ දක්වා)

පරියත්ති පාලක සභාවේ ආරම්භයේ සිට ම නිකායාරක්ෂක සභාවේ නියෝජිත මහතෙක් ද විධායක වරයෙක් වශයෙන් පත්කරගෙන තිබේ. ඒ තනතුරෙහි ඩි.එස්. සේනානායක අග්‍රාමාත්‍ය තුමා, ඩඞ්ලි සේනානායක අග්‍රාමාත්‍ය තුමා සහ ලක්ෂ්මන් ජයකොඩි අමාත්‍ය තුමා ක්‍රියා කර ඇත. 1946 දී පරියත්ති පාලක සභාව නමින් ආරම්භ වූ මෙම සභාව, අභිනව ව්‍යවස්ථාවට අනුව පරියත්ති සංවද්ධන සභා නමින් ක්‍රියාත්මක වේ. 1948 වර්ෂයේ සිට ආගමෝපාධී පරීක්ෂා නමින් ත්‍රිපිටක විභාග මෙම සභාව මගින් පවත්වා තිබේ. වර්ෂ 70 මුළුල්ලේම මෙම විභාග ක්‍රමය ඉතා අපහසුවෙන් වුවත් ඒ ඒ කාල වල දී එම සභාව නියෝජනය කළ සභාපති ලේකම් ස්වාමීන් වහන්සේලා ප්‍රධාන එම මණ්ඩලය මගින් පවත්වා තිබේ. එම සංඝ පීතෘන් වහන්සේලා කළ එම උදාර කාර්යයට අප හැමගේ ගෞරව නමස්කාරය උන් වහන්සේලාට නිතැතින් ම හිමි වේ.

පරියත්ති සංවත්සර වාර්තාව
  • පරියත්ති සංවත්සර වාර්තාව 2017-2018  Dowload
පරියත්ති සඟරාව
  • පරියත්ති සඟරාව  2015-2016 Dowload
  • පරියත්ති සඟරාව 2016-2017 Dowload
  • පරියත්ති සඟරාව 2017-2018 Dowload
  • පරියත්ති සඟරාව 2018-2019 Dowload
වාර්ෂික සැලසුම